කොළඹ වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයෙන් පොලිතීන් උරයක බහාලන ලද මළ සිරුරක් ඊයේ දිනයේ සොයා ගැණුනි.
හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර සහිත ගමන් බෑගය පිටකොටුව, වේල්ල වීදියට රැගෙන ගොස් ඇත්තේ, 143 ගමන් මාර්ගය ඔස්සේ, හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් බව අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මළ සිරුර සහිත ගමන් බෑගය රැගෙන ආ බව කියන බස් රථය පොලිස් භාරයට ගෙන එහි රියැදුරු සහ බස් රථ සහයකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.
බස් රථය ගමන් ආරම්භ කළ හංවැල්ල ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු ගමන් බෑගයක් රැගෙන බස් රථයට ගොඩ වූ බව ඔවුන් දෙදෙනා පිළිගෙන තිබේ.
මහ මග දමාගොස් තිබියදී පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ සොයා ගැනුණු මළ සිරුර වයස අවුරුදු 20 ක් පමණ වු තරුණියකගේ බවට පසුව තහවුරු විය.
මෘත ශරීරය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
පුද්ගලයෙකු අදාළ මළ සිරුර ගමන් මල්ලක දමාගෙන රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මාධ්‍ය ඔස්සසේ පළ කෙරුණු වීඩියෝ පටයේ සිටින පුද්ගලයා පිළබඳ යම් තොරතුරක් වේ නම්, පහත අංක අමතා වහාම දැනුම් දෙන ලෙසයි.
*වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති – 0718591557
*කොළඹ හදිසි ඇමතුම් ඒකකය – 0112 433333



