ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 310ක් වාර්තා වූ බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ආසාදිතයින් අතරින් 7ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින්ගෙන් හඳුනා ගෙන ඇත.
සෙසු ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ , දේශීයවයි.
ඊයෙත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 60 කි.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 ක් ලෙස වාර්තා වේ.
අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
පසුගිය පැය 24 තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 475 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 79, 422 ක් දක්වා ඉහළ ගියේ ය.
පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර එම මරණ වාර්තා වී ඇත්තේ, ගණේමුල්ල, කොළඹ 10, බුලත්කොහුපිටිය , මහනුවර සහ පූජාපිටිය යන ප්‍රදේශවලිනි.
මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 476 කි.
නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 9,891 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (01) දිනය තුළ සිදු කර ඇති PCR පරික්ෂණ සංඛ්‍යාව 9,822 කි.





