රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව එළඹෙන මැයි මස 31 වනදා දක්වා එම කාලය දීර්ඝ කෙරේ.
එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය කිරීමකින් තොරව ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සිදු කරනු ලැබේ.
මෙම වර්ෂයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබන සියලුම ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය 28 වන දිනයෙන් අවසන් විය.



