කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය, ඉන්දියාවේ අදානි සමාගම, ජපන් ආයෝජයෙකු, ජෝන් කීල්ස් සමාගම හා වරාය අධිකාරීය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත
ආයෝජකයෙකු නම් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද මේ වන තෙක් ජපන් රජය ඒ සඳහා අයෝජකයෙකු පත් කර නොමැති අතර බටහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ව ඉදිරිපත් වන යෝජනා ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත