නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කෙරේ

Share

බදුල්ල, නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් සදහන් කළේය.

පසුගියදා මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී සොයා ගනු ලැබිය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ගේ සිරුරුක් මෙලෙස සොයා ගෙන ඇත.

මිතුරන් 06 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සමග නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ ඇති ඔවුන් ඊයේ දිනයේදී කුඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කර තිබේ.

රාත්‍රියේදී වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා කුඩාරමෙන් පිටව ගිය එම තරුණයා යලි නොපැමිණීම නිසා සෙසු මිතුරන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබේ.

පසුව පොලිසිය සහ යුද හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ තරුණයාගේ සිරුර ප්‍රපාතයේ වැටී තිබී සොයා ගෙන ඇත.

Read more

Local News