ඇල්පිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයකු පළා යයි

Share

ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු රෝහල් වාට්ටුවෙන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

අදාළ රෝගියා කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙයි.

එම පුද්ගලයා කිසියම් රෝගාබාධයක් සඳහා ඌරගස්මන්හංදිය රෝහලට ඇතුළත් වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට මාරුකර යවා තිබෙන අතර එම අවස්ථාවේ ඔහුට පී.සී.ආර්.පරීක්ෂණයක් ද සිදුකර ඇත.

එම පරීක්ෂණ වාර්තාවෙන් අදාළ පුද්ගලයා ආසාදිතයකු බවට තහවුරු වූ බව රෝහල් ආරංච් මාර්ග පවසයි.

මෙම කොරෝනා ආසාදිතයා සොයා ඇල්පිටිය පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read more

Local News