රජය විසින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගන්නා වැඩසටහන යටතේ අද දිනයේ තවත් විදෙස්ගත ලාංකිකයන් 266ක් ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් අද අලුයම කටුනායකට පැමිණ තිබෙන බවට වාර්තා වෙයි.
එම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිය තම හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර, කරදරවලට ලක් වී නැවත මවිබිමට පැමිණීමට නොහැකිව, එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.



