හිටපු ඇමති පාඨලීට අධිචෝදනා භාර දෙයි

Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබේ.

ඒ අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබිය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය විත්තිකාර චම්පික රණවක මහතාට විවෘත අධිකරණයේ දී කියවා දෙනු ලැබීය.

මෙම මූලික විරෝධතාව පිළිබඳව විමසීම අප්‍රේල් මස 27 වනදා සිදු කිරිමට විනිසුරුවරයා නියෝග කළේය.

Read more

Local News