ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දීය.
මේ අනුව මෙය ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලය වන අතර මෙම විශ්ව විද්‍යාලයේ ප්‍රථම කුලපති, මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.









































