සියලු රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි යළි සේවයට

Share

අද සිට යළි සියලු රාජ්‍ය සේවකයින් ආයතන වලට කැදවමින් සාමාන්‍ය පරිදි රාජ්‍ය ආයතන පවත්වාගෙන යන ලෙසට රාජ්‍ය පාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය ආයතන ප්‍රධානීන්ට දන්වා තිබේ.

ඒ පිලිබද සදහන් කරමින් අදාල චක්‍රලේඛනය ඉකුත් 05 වෙනිදා නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙන බව වාර්තා වෙයි.

මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්ත්වයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.

Read more

Local News