කොහුවලදී වාහනයක් තුළ පිළිස්සුණු මළ සිරුරක් සොයා ගැනේ

Share

වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ කොහුවල, ආසිරි මාවතේ දී මෙම මළ සිරුර සොයාගෙන ඇත

අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී ඇති බවත් මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට දැනට හඳුනාගෙන තිබේ.

රාත්‍රී ආහාර ගැනීමට යම් ස්ථානයකට ගොස් ඉන් අනතුරුව එම මෝටර් රථයෙන් ගමන් කර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

Read more

Local News