Home දේශීය පුවත් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා

0
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා

මහනුවර සිට නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වු 142 මගී ප්‍රවාහන දුම්රියේ ඊළඟ ගමන්වාරය සඳහා සුදානම් කිරීමට දුම්රිය මැදිරිවලින් එන්ජිම ගලවා ඉදිරියට ධාවනය කළ අවස්ථාවේ දහවල් 12.30ට පමණ නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේ දී දුම්රිය එන්ජිමක් පීලි පැන තිබෙන බව වාර්තාවෙයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

පීලි පැනීමට ලක් වු දුම්රිය එන්ජිම පීළිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භකර උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතුකරනු ලබන බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here