Home දේශීය පුවත් 2020 සා/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මැයි මාසයේ

2020 සා/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මැයි මාසයේ

0
2020 සා/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මැයි මාසයේ

2020 අපොස සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මැයි මාසයේ පැවැත්වීමට තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මාර්තු සිට අප්‍රේල් දක්වා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන්ට පුහුණු වීමට කාලය ලබා දීමේ අරමුණින් මෙම දිනය තීරණය කළ බවය.

මේ අතර අපොස සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු මාර්තු මස 27 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එහි පළමු අදියර යටතේ මාර්තු 27 වැනි දා සිට අප්‍රේල් 05 වැනි දා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරෙනු ඇති.

දෙවන අදියරයේ ඇගයීම කටයුතු අප්‍රේල 06 වැනි දා ආරම්භවී මැයි 05 වැනි දා අවසන්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here