Home ක්‍රීඩා පුවත් සිය මංගල ටෙස්ට් තරගයේදී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

සිය මංගල ටෙස්ට් තරගයේදී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

0
සිය මංගල ටෙස්ට් තරගයේදී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද වන අතර ඊයේ දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා ගෙන සිටි.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 169කට සිමා වුණ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 271ක් ලබා ගැනීමට සමත් විය.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සදහා ලකුණු 476ක් ලබාගැනීමට සමත් වුන අතර එහිදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ පැතුම් නිශ්ශංක ලකුණු 103ක් ලබා ගනු ලැබිය.

අද දිනයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 341ක් ලබාගත යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here