Home දේශීය පුවත් ස්වීඩන් රාජධානියේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයාගේ අක්තපත්‍ර පිළිගන්වයි‍

ස්වීඩන් රාජධානියේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයාගේ අක්තපත්‍ර පිළිගන්වයි‍

0
ස්වීඩන් රාජධානියේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයාගේ අක්තපත්‍ර පිළිගන්වයි‍

තානාපති දර්ශන එම්. පෙරේරා මහතා විසින් ස්වීඩන් රාජධානියේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස ඔහුව පිළිගන්නා ලද අක්තපත්‍ර විශේෂ විධිවිධානයක් මගින් ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා කාල් XVI ගුස්ටාෆ් රජතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

ස්වීඩනයේ පවත්නා සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින්, මෙම විශේෂ වැඩසටහන මෙම සතිය මුල දී සිදුකෙරිණ.

1996 දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු තානාපති දර්ශන පෙරේරා මහතා වසර 25 කට ආසන්න සේවා වාර්තාවකට හිමිකම් කියයි. ඔහු විදේශ අමාත්‍යාංශයේ ප්‍රචාරක, දකුණු ආසියා සහ සාර්ක්, මැදපෙරදිග සහ යුරෝපා කටයුතු යනාදී අංශවල විවිධ තනතුරුවල සේවය කළේය. වොෂිංටන් ඩීසී හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය, නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය දූත මණ්ඩලය, බැංකොක්, මොස්කව්, රෝමය සහ ජකාර්තා තානාපති කාර්යාල ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික පත්කිරීම්වලට අයත් විය.

ස්ටොක්හෝම් සඳහා පත්කිරීමට පෙර, ඔහු විදේශ අමාත්‍යාංශයේ උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද සේවය කළේය. මෙයට පෙර විදේශ පැවරුමෙහි දී ඔහු ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ආසියාන් සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here