Home දේශීය පුවත් ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

0
ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 228ක් වාර්තා විය.

ඉන් 45ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි

එම සංඛ්‍යාව 58 කි.

මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56ක් ද

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 ක් ද

රත්නපුර දිස්ත්‍රික්කයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දස දෙනා බැගින් වාර්තා විය.

මහනුවර, මාතර, අම්පාර, බදුල්ල, පුත්තලම, හම්බන්තොට, මඩකලපුව, පොළොන්නරුව, මොනරාගල, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් දස දෙනෙකුටත් අඩු සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මේ අතර මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 94,563කි.

කෙසේවෙතත් ඉන් ආසාදිතයින් 91,272 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර ආසාදිතයින් 2,699 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි

මේ අතර ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා විය.

ඒ සමග මෙතෙක් මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 595ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here