කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස තෝමස් විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබූ “නිල් මහ සටන” ක්රිකට් තරගය කල්දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ පවතින කොරෝනා අවදානම හේතුවෙන් .
2021 මැයි 6 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබු මෙම තරගය මෙලෙස කල් දමනු ඇති බව එම සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.



