නිරෝධායන රීති කැඩුවොත් ලැබෙන දඩය මෙන්න

Share

නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පමණක් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව ඉකුත් ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3,900ක්.

ඒ අනුව මුහුණු ආවරණ නොපැළඳ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම නොකිරීම පිලිබදව යම් අයෙක් වැරදිකරුවෙක් වුවහොත් ඔහුට රුපියල් 10,000ක දඩයක් හා මාස 6ක සිර දඬුවමකින් දඬුවම් කිරීමේ හැකියාව පවතින බවයි පොලිසිය සදහන් කරන්නේ.

Read more

Local News