ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙනවා. ඒ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් Twitter පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මේ වන විට ගාසා තීරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් අත්හිටුවා තිබෙන අතර ඒ හේතුවෙන් කොරෝනා වසංගත තත්වය උග්‍ර විය හැකි බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ.