මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට තද වැසි

Share

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News