දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අවදානම තවදුරටත්

Share

ඉකුත් දින කිහිපය හා ඊයේ දිනය තුල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට දිනය දක්වා එම නිවේදනය බලපැවැත්වෙනවා.

මේ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ , යටියන්තොට, රඹුක්කන , දෙහිඕවිට, මාවනැල්ල , බුලත්කොහුපිටිය, වරකාපොල, අරණායක, ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් , රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, අයගම, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් , නුවරඑළිය අඹගමුව කෝරළය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ගග ඉහල කෝරළය ප්‍රදේශය ලේකම් කොට්ඨාස වලටත් අදාල නිවේදනය හෙට පස්වරු 4.30 තෙක් ක්‍රියාත්මක වේ.

Read more

Local News