කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ නැවත දැනුම් දෙන තුරු බර වාහන ධාවනයෙන් වළකින ලෙසට ඉල්ලීමක්

Share

කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ කිලෝමිටර් 0 2 ක් පමණ දුරින් මහල් 05ක වාණිජ කටයුත්තක් සදහා භාවිතා කරන තවදුරටත් ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් හදිසි ගිලා බැසීමකට ලක්ව තිබෙනවා. ඒ ඊයේ සවස 5.30 ට පමණයි.

මේ හේතුවෙන් කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ නැවත දැනුම් දෙන තුරු බර වාහන ධාවනය කිරීමෙන් වළකින්නැයි, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. අදාල සිදුවීමේදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි පැවසෙන්නේ.

Read more

Local News