කුරියර් ආයතනයක් හරහා රට තුලට ගෙන ඒමට උත්සහ කළ පාර්සල් තුනක තිබී රුපියල් මිලියන 8.8 ක් වටිනා මත්ද්‍රවය තොගයක් රේගු භාරයට

Share

ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස කටුනායක DHL කුරියර් ආයතනයය හරහා රට තුලට ගෙන ඒමට උත්සාහ කරන ලද පාර්සල් තුනක් (03) නවතා පරික්ෂා කරන ලදී. මෙහි පාර්සල් දෙකක් ඉතාලියද, අනෙක් පාර්සලය ඉන්දියාවද යන රටවලින් දෙමටගොඩ, කොටහේන හා කොළඹ 07 යන ව්‍යාජ ලිපින වලට එවා තිබිණි.

පාර්සල් දෙකක් පරික්ෂා කිරීමේදී hashish යන මත්ද්‍රව්‍ය 500 ග්‍රෑම් සහ 34 ග්‍රෑම් වශයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. තවද marijuana/hashish කාණ්ඩයට අයත් 320 ග්‍රෑම් බරැති cosmetics කිහිපයක්ද සොයා ගන්නා ලදී . මෙම සියලූ මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 8.8 ක් පමණ වේ. මෙම මත්ද්‍රව්‍ය පාවහන් සහ චොක්ලට් වල සුක්ෂම ලෙස සඟවා තිබිණි .

රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන්ගේ විමසිලිමත් භාවය හේතුවෙන් රට තුළට ඇතුල්වීමට ගිය විශාල ප්‍රමාණයක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවිණි . මෑත කාලයේ දී රට තුළට සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ජාවාරම් පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් නිරතුරුව විමර්ශනයේ යෙදී සිටින නිසා විශාල ප්‍රමාණයේ අත්අඩංගුවට ගැනීම් කීපයක් සිදු කිරීමට හැකිවිය . ඉදිරි විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරින් විසින් සිදුකරනු ලබයි .

මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (බලාත්මක) ,සමාජ ආරක්ෂක ඒකකයේ රේගු අධ්‍යක්ෂක හා මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක තුමාගේ මගපෙන්වීම යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී .වැඩිදුර විමර්ශන සඳහා සැකකටයුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන ලදී.

Read more

Local News