ගෘහස්ථ ගෑස් පිළිබඳ ගැසට් නිවේදන 2ක් නිකුත් කර තිබේ

Share

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 9.6ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙය දිස්ත්‍රික් මට්ටමින් මිල ගණන්වල වෙනස්වීමක් සිදුකළ හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් වේ.

මීට අමතරව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ පැහැදිලිව පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read more

Local News