දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Share

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතේ උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

Read more

Local News