රුපියල් 2,000 දීමනාව ලැබෙන පිරිස මෙන්න

Share

මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් සමග රට තාවකාලිකවවසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් සඳහා රුපියල් 2,000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම දීමනාව හිමි වන්නේ රජයේ කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී, ජීවනෝපාය අහිමි වූ පිරිස සදහා පමණක් ලබාදෙන අතර රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි , සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මෙම දිමනාව සදහා සුදුසුකම් නොලබයි.

Read more

Local News