ජනපති සහ කෙන්යානු ජනපති අතර දුරකථන සංවාදයක්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මැතිතුමා අද (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය.නායක දෙපළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා සිය ප්‍රසාදයපළ කළේය.දැනටමත් ජනතාවගෙන් 70%කට එන්නත්කරණය සිදු කරමින් ක්‍රියාත්මක මෙම ක්‍රමවත් වැඩසටහන සෙසු ජාතීන්ට ආදර්ශයට ගත හැකි බව එතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රෝගීන් සහ මරණ සංඛ්‍යාව හොඳින් කළමනාකරණය කරගත හැකි වූ නමුත් මෙම වසර මැද භාගයේ දී නව කොවිඩ් ප්‍රභේද මතු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය. ඉතිහාසයේ පටන් විවිධ අභියෝගවලට මුහුණ දී, නැගීසිටීමේහැකියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම වසංගතය ද පාලනය කර සාර්ථකව නැගී සිටීමට හැකි බව සඳහන් කළේය.

No photo description available.

Read more

Local News