එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට ජනපති එක් වෙයි

Share

සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වෙයි.
ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වේ. සිය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක් වෙති.
තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ ර‍‍ටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිතුමා තීරණය කර ඇත.

No photo description available.

Read more

Local News