LPL ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනේ

Share

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (09) සිදු විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ටාර්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි වොරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් තරග වදී. එම කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු විය.

එහි දී තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහේ ප්‍රධාන දේශීය ක්‍රීඩකයින් ලෙස තෝරාගැණුනේ තිසර පෙරේරා, ඉසුරු උදාන, දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ චරිත් අසලංක යන ක්‍රීඩකයින් ය.

එම කණ්ඩායම්වල ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් ලෙස ඉම්රාන් තාහීර්, ක්‍රිස් ගේල්, මොහොමඩ් හෆීස්, රෝමන් පවෙල් සහ ෆෆ් ඩුප්ලෙසීස් යන ක්‍රීඩකයින් තෝරාගෙන ඇති බව වාර්තා වේ. ඊට අමතරව තබ්රේස් ශම්සි, මොහොමඩ් අමීර්, රයිලි රූසෝ, ෂොයිබ් මලික්, නජිබුල්ලා සද්‍රාන්, සෆ්රාස් අහමඩ් සහ වහාබ් රියාස් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලිය සඳහා එක් වනු ඇත.

Read more

Local News