කොමිස් මුදලට යට වූ නිළදාරින් හමුවේ කාබනික පොහොර වගාව ව්‍යාප්ත කිරීමේ දී කකුලෙන් ඇදීම් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසනවා.
රසායනික පොහොර ආනයනයේ සිට බෙදා හැරීම දක්වා නිළදාරීන්ට ලැබුණු කොමිස් මුදල් කාබනික පොහොර හමුවේ නතර වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඒ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.



