කාබනික පොහොර යොදා වගා කළ වී කිලෝවකට වැඩිපුර රුපියල් 25ක් ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ අනුව මෙවර වී කිලෝවක් සඳහා රුපියල් 75 ක් ගෙවන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
මේ අතර අනාගතයේ කාබනික පොහොර ආනයනය කළහොත් ඇති විය හැකි ක්ෂුද්‍ර ජීවි තර්ජනය ගැන මහාචාර්ය චන්දි රාජපක්ෂ සියතට කතා කළා.
මේ අතර අදත් රට පුරා ගොවි උද්ඝෝෂණ හා දේව කන්නලව් පැවැත්වුණා.



