බණ්ඩාරවෙල සිට ගාල්ල දක්වා දැව ප්‍රවාහනය කළ ලොරි රථයක රවන ඇල්ල 24Km කණුව ආසන්නයේ දී මාර්ගය හරහා පෙරළීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.
එම අනතුර පසු පසින් ගමන් කළ වාහනයක සවි කර තිබූ කැමරාවක සටහන් වී තිබුණා.
අනතුරට හේතුව රථයේ තිරිංග අක්‍රිය වීම බවයි ඇල්ල පොලීසිය පවසන්නේ.



