ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (10) පැවැති විශේෂ සාකච්ඡාවකදී.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කලේ කිසිවිටෙකත් විදුලි කප්පාදුවකට යන්නේ නැති බවයි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්. ආර් රණතුංග මහතා පැවසුවේ දහවල් කාලයේ දී විදුලිය කප්පාදු කරන්නේ නැති බවයි.
නමුත් රාත්‍රී කාලයේ දී කප්පාදු කිරීමට සිදු විය හැකි බවයි ඔහු ප්‍රකාශ කලේ.



