පාසල් නිල ඇඳුම්වලින් 68% මේ වන විටත් කලාප කාර්යාල වෙත යවා අවසන් – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි

Share

දරුවන්ගේ නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 68% මේ වන විටත් කලාප කාර්යාල වෙත නිකුත් කර අවසන් බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමන් ප්‍රකාශ කලේය.

ජනවාරි 12 වන දින අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී පසුගිය දා පුවත්පතක පාසල් නිල ඇදුම් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් පල වූ සාවද්‍ය පුවතකට අදාලව අදහස් පලකරමින් එතුමන් මේ බව පැවසීය.

කුමන අභියෝග පැවතිය ද අතිගරු ජනාධිපතිතුමන්ගෙත්, අගමැති තුමන්ගෙත් මග පෙන්වීමෙන් ජනතාවාදී රජයක් ලෙස දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් සපයන බවත් මවර අයවැයෙන් 7.51%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කිරීම තුලින්ම එය පසක් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය .

එමෙන්ම පසුගිය වර්ශ දෙකේ දී පාසල් නොපැවැත්වූව ද ලක්ශ 45ක් වන පාසල් දරුවන්ට නිල ඇදුම් පාසල් පෙල පොත් හා පාවහන් වවුචර්පත් ලබා දී ඇති බව එතුමන් විසින් සඳහන් කරන ලදී .

මෙම වර්ශයට අවශ්‍ය රෙදි මීටර 12,694,000 න් (එක්කෝටි විසිහය ලක්ශ අනූ හතරදාහයි) 68% මේ වන විටත් කලාප කාර්යාල වෙත නිකුත් කර ඇති බවත් ඉතිරි නිල ඇදුම් රෙදි ප්‍රමාණය ජනවාරි මස 31 වන විට කලාප කාර්යාල වලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

එමෙන්ම වෘත්තීය සංගම්වල ඇතැම් නියෝජිතයින් දරුවන්, ගුරුවරුන් පිලිබඳ සඳහන් කරමින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කල ද එවැනි පටු අරමුණු සාක්ශාත් කර ගැනීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කල රාජ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු මාධ්‍ය ආයතන ලෙස පුවත් පල කිරීමට ප්‍රථම ඒ පිලිබඳව නිවැරැදි කරුනු සොයා බලා වගකීමෙන් වාර්තා කරණයේ නිරතවන ලෙස ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඉල්ලා සිටියේය.

Read more

Local News