ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් සංවිධානය කරනු ලබන 2022 ගුවන් හමුදාධිපති කුසලාන කාන්තා සහ පිරිමි වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය, 2022 ජනවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය වරායට සමීපව සුන්දර චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
ඊට අමතරව, 23 වන පිරිමි ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 04,05 සහ 06 යන දිනයන් හිදීත්, 11 වන කාන්තා ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 06 වන දිනටත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.




