මෙරට රැඳී සිටින යුක්රේන හා රුසියානු සංචාරකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව එම සංචාරකයින්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



