වෙළෙඳපොළ තුළ මේ වනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකම වෙළෙඳපොළට තිරිඟු පිටි නිකුත් කිරීම නතර කර ඇති බවයි.
දෛනික තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් 25%ක් පමණක් මේ වන විට වෙළෙඳපොළට නිකුත් වන බව එන්.කේ. ජයවර්ධන පවසයි.




