රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා රාජ්‍ය ආයතන සඳහා මින් ඉදිරියට පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට තීරණය කර කර ඇති බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
මේ ප්‍රතිපත්තිය අනුව විදුලිය මගින් ක්‍රියාත්මක කරන වාහන පමණක් ඉදිරියේදී රජයේ සේවයේ කාර්යයන් සඳහා මිලදී ගනු ලබන බවත්, පෞද්ගලික අංශය සඳහාත් මෙවැනි වාහන භාවිතය සඳහා උනන්දු කරවනු ලබන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.




