ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහාචාර්ය ජී.එල් පීරිස් මේ බව සඳහන් කළා.
ඒ අනුව මෙලෙස විපක්ෂයේ අසුන් ගත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, නීතීඥ උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන්.



