කොත්තුවක මිල රුපියල් 100 කින් ඉහළට

Share

පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් අදාළ ව්‍යාපාරිකයින් විසින් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කොත්තුවක් රුපියල් 100කින් පමණ හා බිත්තර රොටි, එළවළු රොටි සහ රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 15 ත් අතර මුදලකින් ඉහළ දමා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News