දුරකථන සේවා ගාස්තු අද සිට ඉහළට

Share

අද ‍(05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව සියලුම ජංගම, ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සහ සෙසු පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමට නියමිත අතර අද සිට මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සියයට 25කින් ඉහළ දැමෙන බව දුරකථන සමාගම් දැනුම් දී ඇත.

Read more

Local News