පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් ආරම්භ වූ නව ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානය අද විවෘත කෙරුණා.
ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන්. පක්ෂ මූලස්ථානය ස්ථාපිත කර තිබෙන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නිලධාරීන් සහ නියෝජිතයින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.



