එජාප 76 වන සංවත්සරය හෙට

Share

එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ හය වන සංවත්සරය හෙටට යෙදී තිබෙනවා. එහි මෙවර තේමාව එක්ව ගොඩනගමු යන්නයි. හැත්තෑ හය වන සංවත්සර සැමරුම හෙට පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී.

එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු දෙකට සංවත්සර උත්සවය පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සංවත්සර උත්සවය අමතමින් එක්ව ගොඩනගමු යන පොදු ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ, වසර විසිඅටකට පසුවයි.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු යටතේ, ඔවුන් සංවත්සර සැමරුමක් අවසන් වරට පවත්වා ඇත්තේ, 1993 වසරේදී. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, වජිර අබේවර්ධන මහලේකම් පාලිත රංගේ බණ්ඩාර උපනායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ ආරාධිත සෙසු පක්ෂ නායකයින් ද මෙම අවස්ථාවට එක් වීමට නියමිතයි.

Read more

Local News