වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පුර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදන සහ අනෙකුත් තොරතුරු අනුව අද (05) රාත්‍රීයේ සිට ඉදිරි පැය 24 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණි ජලයෙන් පිරි ඇති බැවින් එම ද්‍රෝණිවලින් එකක් හෝ කිහිපයකට දැඩි වර්ෂාපතන තත්ත්වයක් ඇති වුවහොත් එම ද්‍රෝණිවල ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවට එම නිවේදනයෙන් දැනුම් දී ඇත.




