එජාප 76 වැනි සංවත්සරය අද

Share

එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ හය වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. එහි මෙවර තේමාව එක්ව ගොඩනගමු යන්නයි. හැත්තෑ හය වන සංවත්සර සැමරුම අද පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී.

එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු දෙකට සංවත්සර උත්සවය පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සංවත්සර උත්සවය අමතමින් එක්ව ගොඩනගමු යන පොදු ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Read more

Local News