බලපා ඇති වැසි තත්වය හේතුවෙන් හෙම්මාතගම සිට අම්බුළුවාව හරහා ගම්පොල දක්වා යන මාර්ගයේ ස්ථාන හතරක පමණ පස් කඳු කඩා වැටී තිබුණා.
පස් කඳු කඩා වැටීම නිසා මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබුණා.
මේ අතර ඊයේ රාත්රියේ දවුලගල පොලිස් වසමේ යාලේගොඩ ප්රදේශයේ පැති බැම්මක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගොස් තිබුණේ 39 හැවිරිදි යාලේගොඩ හන්දිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙක්.



