රජයේ සේවක විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමට කැබිනට් අනුමැතිය

Share

මෙතෙක් පමාවී තිබූ, රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම ස‍ඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ අනුව, 2021 වර්ෂයට අදාළව මේ වන විට ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසානයට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දීමටද, 2022 වර්ෂය සඳහා ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂීක මුදල් ගෙවීම සදහා අවශ්‍ය වන අරමුදල් ප්‍රමාණය මාස 6 ක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම සඳහාද අනුමැතිය ලබා දී ඇත.

Read more

Local News