රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අයි. එම්. එෆ්. සමග ගිවිසුම්වලට එළඹ නැති අතර එකඟතා පමණක් ඇති කරගෙන ඇති බවයි.



