ඊයේ අත්අඩංගුවට ගත් දමිතා බලන්න සජිත් යයි

Share

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඊයේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. දියත උයන අසල පැවති විරෝධතාවකින් අනතුරුවයි විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ පසුගිය ජූලි මාසයේදී ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් වන චෝදනාවටයි.

”බය නෑ. මං වරදක් කරලා නෑ. රටේ මිනිස්සු වෙනුවෙන් අරගල කරා. බය නෑ. ජය වේවා”

දමිතා අබේරත්න රංගන ශිල්පිනිය මේ වන විට කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. මේ අතර පොලිස් අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ සුවදුක් විමසීමට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්, අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණියා.

Read more

Local News