ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍යව තිබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දින සමත් වුණා. ඒ දෙදහස් විසි දෙක ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය පස් වතාවක් දිනාගෙන තිබූ අතර ඉන්දීය කණ්ඩායම හත් වතාවක් මෙන්ම පාකිස්තානු කණ්ඩායම දෙවතාවක් දිනාගෙන තිබුණා.
තරඟාවලිය පෙරළිකාර කණ්ඩායම් දෙකක් ලෙස අවසන් මහා තරඟයට පිවිසි මෙම කණ්ඩායම් දෙකේ තියුණු තරඟය දැක බලා ගන්නට ක්‍රීඩාලෝලීන් පිරිසක් තරගය නැරඹීම සඳහා අන්තර්ජාලය ඔස්සේද එක්ව සිටි බවටයි ලෝක මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.
ක්‍රමක් ක්‍රමයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතු වූ පාකිස්තානු ඉනිම ලකුණු එකසිය හතලිස් හතකට සීමා වුණා. අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදීද පාකිස්තානයේ අවසන් කඩුල්ල දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වෙද්දී ශ්‍රී ලංකාවට ලකුණු විසිතුනක අනගිභවනීය ජයග්‍රහණයක් හිමි වුණා.
තරගයේ වීරයා භානුක රාජපක්ෂ.
තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගන්නට පිත්තෙන් පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ වනිදු හසරංග සමත් වුණා.
ශ්‍රී ලංකා මාතාවට ගෙන දුන් මෙම අතිවිශිෂ්ට වූ ජයග්‍රහණයේ සතුට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අපූරු ලෙස සිය බස් රථය තුළදී මෙන්ම ක්‍රීඩාගාරය තුළදී සැමරනු ලැබීය.
මේ අතර රතිඤ්ඤා සහ ගිනි කෙළි වලින් ඊයේ රාත්‍රියේ හැඩ වෙද්දී රට පුරා ජනතාව ක්‍රිකට් ආසියානු කුසලානය දිනාගත් සතුට මෙලෙස සමරනු ලැබුවා.



